ආණ්ඩුවට භික්ෂූන් වහන්සේලා ඕන බලය ලබා ගන්න විතරයි…! – මුරුත්තෙට්ටුවේ හිමි…

July 24, 2021 at 11:44 am | by emanisa.lk

බලය ලබා ගැනීමට මෙන්ම බලය ආරක්ෂා කර ගැනීමටත් ජනතාවගේ ප්‍රසාදය අවශ්‍ය බවත්, ජනතා ප්‍රසාදයෙන් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව දිනෙන් දින ජනතාවගේ අප්‍රසාදයට පත්වෙමින් යන බවත් පැවිදි හඬ සංවිධානයේ කැඳවුම්කරු මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

ඊට හේතුව බලය ලබා ගැනීමෙන් පසුව ජනතාව අමතක කිරීම බව ආනන්ද හිමි පෙන්වා දෙයි.

ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා භික්ෂූන් වහන්සේලා විශාල ප්‍රමාණයක් එකතුව දැවැන්ත කාර්යභාරයක් සිදුකළ බව ආනන්ද හිමි පවසයි.

එහෙත්ආණ්ඩුවේ නායකයන්ට භික්ෂූන් වහන්‍සේලා පවා අමතක වී ඇති බවත්ඔවුන්ට භික්ෂූන් වහන්සේලා අවශ්‍ය බලය ලබා ගැනීමට පමණක් බවත් ආනන්ද හිමි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *