ආණ්ඩුවට ගහන්නේ ගොවි නායකයෝ නෙමෙයි, මෝල්කාරයන්ගේ ඇම්බැට්ටයෝ…!

February 12, 2025 at 10:33 am | by emanisa.lk

රජයට වී ඇටයක්වත් නොදෙන බවට ගොවි සංවිධාන නායකයන් කෑ ගසමින් ඇතැයි නාමල් ඔය ගොවිජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු හේමන්ත කිත්සිරි චෝදනා කරයි.

රජය වී කිලෝව රු. 120ට ගන්නා විට පෞද්ගලික අංශය රු. 125ට වී ගනිමින් ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

රජයට වී ඇටයක් නොදෙන බව කියමින් රජයට පන්න පන්නා පහර දෙන්නේ වී මෝල් හිමියන්ගේ නියෝජිතයන් බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

රටේ පාහර ගොවි නායකයන් සිටින බවත් කටක් තිබ්බ පළියට නායකයෙක් නොවන බවත් සත්‍යය දැකිය යුතු බවත් අවධාරණය කරන හේමන්ත කිත්සිරි, “අද උඹලා 125ට වී දෙන්නේ රජය 120 මිල දැමූ නිසා බව මතක තියා ගනිල්ලා.” යනුවෙන් ද ප්‍රකාශ කළේය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *