ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය ලබන සතියේ…! පක්ෂ විපක්ෂ 125ක් අත්සන් කරති…!

April 29, 2022 at 12:47 pm | by emanisa.lk

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී කථානායකවරයාට භාරදීමට බලාපොරොත්තු වන බව සමගි ජන බලවේගය පවසයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළේ මෙම විශ්වාසභංගයට අත්සන් තැබීම සඳහා ආණ්ඩු පක්ෂයේ සිට මෑතකදී ස්වාධීන වූ මන්ත්‍රීවරුන්ගෙන් ද ඉල්ලීමක් කර ඇති බවත් ඔවුන් කරන්නේ කුමක්දැයි රටේ ජනතාව විමසිල්ලෙන් බලා සිටින බවත් ය.

ඔවුනුත් සමග මෙම විශ්වාසභංගය යෝජනාවට 125 දෙනෙකු පමණ පක්ෂවනු ඇතැයි ප්‍රකාශ වී ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *