ආණ්ඩුවට උවමනා ආකාරයට ඡන්දය කල් දාලා නෑ! මැතිවරණ කොමිසමේ හූල් ගාල්ල තේරීම්භාර නිලධාරියාට බැණ වදී!

September 5, 2019 at 9:26 am | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියාට මැතිවරණ කොමිසමේ සාමාජිකයකු විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇතැයි වාර්තා වෙයි.

කෙසේ වුවද කොමිසමේ සභාපතිවරයා පවසා ඇත්තේ ගාල්ල තේරීම්භාර නිලධාරියා අධිකරණ තීන්දුව අනුව කටයුතු කර ඇති බවය. එම තීන්දුව අනුව කටයුතු කරන ලෙස සභාපතිවරයා ගාල්ල තේරීම්භාර නිලධාරියාට දැනුම් දී තිබේ.

ප්‍රතික්ෂේප කළ නාම යෝජනාව භාරගෙන කඩිනමින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය පවත්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ගාල්ල තේරීම්භාර නිලධාරියාට නියෝග කර තිබිණි.

කෙසේ වුවද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා ජනාධිපතිවරණයට පසු දින නියම කරන ලෙස ආණ්ඩුවේ ප්‍රබල දේශපාලකයන් පිරිසක් ද ගාල්ල තේරීම්භාර නිලධාරියාට බලපෑම් කර තිබිණි. ඒ ඇල්පිටිය මැතිවරණය ජනාධපතිවරණයේ දී ආණ්ඩුවට ඉතාම අවාසිසහගගත බව ආණ්ඩුව නිගමනය කර ඇති හෙයිනි.

මෙසේ ගාල්ල තේරීම්භාර නිලධාරියාට බැණ වැදී ඇත්තේ මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් බවට වාර්තා පළවෙයි.

ඔහු රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති කළ අවස්ථාවේ තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වූයේ යැයි අධිකරණයට ගියේය.

දෙමළ ක්‍රිස්තියානි භක්තිකයකු වන මොහු ක්‍රිස්තියානි ලංකා සභාවේ සාමාජිකයෙකි. ශ්‍රී ලංකා සහ ඇමරිකා ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස