ආණ්ඩුවට ඇති ජනප්‍රසාදය බලන්න හැකි නම් මැතිවරණයක් පවත්වනු..! – රංජිත්…

January 12, 2022 at 5:44 am | by emanisa.lk

ආණ්ඩුවට ඇති ජන ප්‍රසාදය උරගා බැලිමට හැකි නම් මැතිවරණයක් පවත්වන්නැයි අභියෝග කරන බව සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් ජනතාවගේ රතු කට්ටය පැන ඇති බවත් හෙට අනිද්දා වන විට මැති ඇමතිවරුන්ට පාරේ බැස යාමට නොහැකි තත්වයක් උද්ගත වනු ඇති බවත් මහ ලේකම්වරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ අමනෝඥ තීරණ හේතුවෙන් විපතට පත් ජනතාව, ගොවියන්, කම්කරුවන් ඇතුළු සියලු දෙනා  සමග සමගි ජනබලවේගය පාරට බහින බවත්  මහ ලේකම්වරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාකාර්යාලයේ ඊයේ (11) පැවැති මාධය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *