ආණ්ඩුවට අද කිසිම ප්‍රතිපත්තියක් නෑ…! දෙමළ සන්ධානේ එක්ක ඩීල් දාන තැනට රිවර්ස් ගහලා…! – පාඨලී..

August 29, 2021 at 7:53 am | by emanisa.lk

ආර්ථික, දේශපාලන, ජාත්‍යන්තර වශයෙන් කිසිදු ප්‍රතිපත්තියක් නැති වර්තමාන ආණ්ඩුවේ එක ම ප්‍රතිපත්තිය වී ඇත්තේ රිවර්ස් ප්‍රතිපත්තිය යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

සැප්තැම්බර් 13 හදිසියේ පැමිණෙන ජිනීවා යෝජනාවලියට මුහුණ දීම සඳහා දේශද්‍රෝහී ක්‍රියා රැසක් ආණ්ඩුවේ පස්සා දොරින් සිදුවෙමින් පවතින බව ද මන්ත්‍රීවරයා හෙළි කළේය.

විශේෂයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හදිසියේ වෙනස් කිරීම, අත්අඩංගුවේ සිටින හිටපු එල්ටීටීඊ සාමාජිකයන් නිදහස් කිරීම, ඊටත් එහා ගොස් ඉතා ම රහසිගතව දෙමළ සන්ධානය සමඟ සාකච්ඡාවක් පැවැත්වීම දක්වා ආණ්ඩුව රිවර්ස් වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

වර්තමාන කොවිඩ් තත්ත්වයට පවා හේතු වී ඇත්තේ ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැති තීරණ බවත් කොවිඩ් එන්නත්කරණය 2020 ඔක්තෝබර් මාසයේ සිදු කිරීමට නියමිතව තිබුණත් ආණ්ඩුව ඒ වෙනුවට ධම්මික පැණිය වැනි මිත්‍යාවන් පසුපස ගිය බවත් පාඨලී චම්පික රණවක වැඩිදුරටත් කීය.

මේ සියල්ලේ අවසාන ප්‍රතිඵලය ලෙස අද වන විට රට ආර්ථික වශයෙන් බංකොලොත්භාවයට පත්ව ඇතැයි ද ඔහු පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස