ආණ්ඩුට වටින්නේ බිලියන 500 ද ජීවිත 10, 000ද කියල අපි බලා ඉන්නවා…! – හර්ෂ…

September 2, 2021 at 12:24 pm | by emanisa.lk

රුපියල් බිලියන 500ක් ඉතිරි කර ගන්නේ ද මිනිස් ජීවිත 10, 000ක් බිලි දෙන්නේ ද යන විකල්ප දෙක අතරින් ආණ්ඩුව තෝරා ගන්නේ කවර විකල්පය දැයි තමන් බලා සිටින බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

“ලෝක සෞඛ්‍ය සංවිධානය කියල තියනවා සැප්තැම්බර් 02 වෙනිදා වෙනකං ර⁣ට වැහුවොත් ලංකාවේ ජීවිත 7,500 ක් මරණයෙන් ගලවා ගන්න පුළුවන් කියල. එතකොට මෙරට ආර්ථිකයට ඩොලර් බිලියන 1.7 වගේ පාඩුවක් වෙයි කියලයි පුරෝකතනය කර තිබෙන්නේ.

ඒ වගේම, ඔක්තෝම්බර් 02 වෙනිදා වෙනකං රට වැහුවොත් අපේ මිනිස්සු 10,000 ක් මරණයෙන් ගලවා ගන්න පුළුවන් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය කියල තියනවා. එතකොට ලංකාවට ඩොලර් බිලියන 2.2 ක වගේ පාඩුවක් වෙයි කියලයි කියන්නේ. ඒක රුපියල් බිලියන 500 ක් විතර වෙනවා.

මේ ගැටලුවෙන් තමයි ආණ්ඩුව කොතරම් මානුෂීයද නැද්ද කියල තේරුම් ගන්න පුළුවන්. මට මේ විකල්ප දෙක තෝරාගන්න අවස්ථාව දුන්නොත් තෝරාගන්නේ රුපියල් බිලියන 500 බේරගන්න එක නෙවෙයි. මිනිස් ජීවිත 10,000 බේරගන්න එක. හැබැයි මේ ආණ්ඩුව කුමන විකල්පය තෝරා ගනීද කියල තවම දන්නෙ නෑ. අනිත් අතට මේ ආණ්ඩුව කරපු දේවල්වලින් මීට වඩා පාඩුවක් වෙලා තියනවා.

අඩුම ගණනේ මේ මිනිස්සු ටික ජීවත්වෙලා හිටියොත් මේ රුපියල් බිලියන 500ට වඩා වැඩි දායකත්වයක් රටට සිදු කරාවි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *