ආණ්ඩුකාර ධුරයක් නොදුන්නැයි ASP ඉල්ලා අස්වෙයි!

February 5, 2019 at 2:02 am | by admin

කටාර්හි ශ්‍රී ලංකා තානාපති ඒ.එස්.පී. ලියනගේ සිය ධුරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. ඔහුගේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා පිළිගත් බව වාර්තා වෙයි. ආණ්ඩුකාර ධුරයක් ලබා දීමට දුන් පොරොන්දුව ඉටු නොකිරීම මෙයට හේතුව බව පැවසෙයි.

පසුගිය දා සිදු වූ ආණ්ඩුකාර මාරුවේ දී ඒ.එස්.පී. ලියනගේට ද ආණ්ඩුකාර ධුරයක් හිමි වන බවට රාවයක් පැතිර ගියේය. ඒ ආසන්න දිනයක ඔහු ඩාලි පාරේ ශ්‍රීලනිප කාර්යාලයට ගිය බවත් එහි සිටි ඇතැම් පිරිස් ඔහුට සුබ පැතූ බවත් පැවසිණි. එහෙත් මෙවර ද ඔහුට ආණ්ඩුකාර ධුරයක් හිමි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස