ආචාර්ය එඩ්වින් ආරියදාස ජීවන මතක ආවර්ජනා…!

January 24, 2021 at 9:07 am | by emanisa.lk

කලාශූරී ආචාර්ය එඩ්වින් ආරියදාස පසුගිය දා (22) අභාවප්‍රාප්ත විය.

ආචාර්ය ආරියදාස ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියෙකු, සිනමා විචාරකයකු, මාධ්‍යවේදියකු, පරිසරවේදියකු, ගුරුවරයකු මෙන්ම වියතෙකු ලෙස ද සැලකෙයි. හෙතෙම “ඇවිදින පුස්තකාලය” යන නමින් අමතනු ලැබිණි.

ඉකුත් දෙසැම්බර් 3 වැනි දින ආචාර්ය ආරියදාස 99 වැනි වියට එළඹියේය. සිංහල සහ ඉංග්‍රීසි යන භාෂා දෙක විශිෂ්ට ලෙස හැසිරවීමෙහි සමත්කම් දැක්වූ ආචර්ය එඩ්වින් ආරියදාස විචාර ලිපි ගණනාවක් ද රචනා කර ඇත.

හෙතෙම ‘ලෝක ඉතිහාසය’, ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ‘විමුක්ති ප‍්‍රකාශ’ ඇතුළු කෘති කිහිපයක් ම පළ කර තිබේ.

ජනතා සම්මාන, මාධ්‍ය සම්මාන, ජාතික සම්මාන ඇතුළු සම්මාන 300කට වැඩි ප්‍රමාණයක් හිමිකරගත් ඒ මහතා විවිධ රාජ්‍ය ආයතනවල උසස් තනතුරු ද හෙබවීය.

මේ ආචාර්ය එඩ්වින් ආරියදාස කලකට පෙර සිදුකළ සිය ජීවන ගමනේ මතක ආවර්නයකි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස