ආගමික වතාවත් සිදුකර මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹන්න! – රනිල්ගෙන් එජාප අපේක්ෂකයන්ට උපදෙස්….

June 17, 2020 at 8:47 am | by emanisa.lk

ආගමික වතාවත් සිදුකොට තම මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරන ලෙසට එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ සිය පක්‍ෂයේ අපේක්ෂකයින්ට උපදෙස් ලබා දී තිබේ.

එලෙස අපේක්ෂකයින් සිය මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කළ පසුව තමන් පක්ෂයේ ප‍්‍රධාන මැතිවරණ ව්‍යාපාරය අලුත් ආකාරයකින් ආරම්භ කිරීමට කටයුතු කරන බව එජාප නායකයා පවසා ඇත.

මෙවර මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන්නේ කුමන ආකාරයකටද යන්න සම්බන්ධයෙන් මේ වනවිට යෝජනා රැසක් ලැබී ඇති බවත්, ඒ අනුව අලුත් ක‍්‍රමවේදයකට මෙවර මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවත් හෙතෙම සිය අපේක්ෂකයින්ට පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස