ආකාශ චෛත්‍යය ප්‍රතිසංස්කරණයට එරෙහි සජිත් බොරු චෝදනා කරනවා….! – සිතුල්පව්වේ නාහිමිගෙන් චෝදනා….

July 17, 2021 at 2:51 pm | by emanisa.lk

ඉතා ම වැදගත් ජාතික උරුමයක් වන ආකාශ චෛත්‍යය මේ වන විටත් කඩා වැටී කැලෑබත් වී ඇති බවත් එය ප්‍රතිසංස්කරණය කර බෞද්ධ ජනතා අයිතියට පත් කිරීමට එරෙහිව කණ්ඩායමක් බොරු ප්‍රචාර සමාජගතජ කරන බවත් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක, ඓතිහාසික සිතුල්පව්ව රජමහ විහාරාධිපති, පූජ්‍ය මැටරඹ හේමරතන හිමි පවසයි.

පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ අනුමැතිය සහිතව අදාළ පුදබිම ප්‍රතිසංස්කරණය සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට නිරීක්ෂණ චාරිකාවක යෙදුණු බවත් ඒ සඳහා පුරාවිද්‍යා නිලධාරීන්, වන සංරක්ෂණ නිලධාරීන් සහ විහාරස්ථානයේ දායක සභාවේ කිහිප දෙනෙකු ද එකතු වූ බවත් එහිමියො පෙන්වා දෙති.

මෙම චාරිකාවේ දී ගසක කොලයක් පවා නොකැඩූ බවත් ඊට සහභාගී වූ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිරෝෂා බඹරැන්ද නම් නිලධාරිනිය සිතුල්පව්වේ සිට පාරක් කැපීමට සහ අක්කර 12 000ක වනය පවරා ගැනීමට සූදානම් වන බවට අසත්‍ය පුවතක් සමාජගත කර ඇති බවත් හේමරතන හිමි අනාවරණය කරයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද කිසිදු සොයා බැලීමකින් තොරව මේ පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කර ඇති බවත් දේශපාලන වාසි ලබා ගැනීමට සහ රජය අප්‍රසාදයට පත් කිරීමට සිදුකරන මෙවැනි කටයුතු පිළිබඳ අවදානයෙන් සිටින ලෙස එහිමියෝ ජනතාවගෙන් ඉල්ලා සිටිති.

මෙවැනි බොරු සමාජගත කරන කණ්ඩායම්වලට සොබා දහම විසින් ම නිසි දඬුවම් ලබා දෙනු ඇතැයි ද හේමරතන හිමි ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස