අළුගෝසු තනතුරට අධ්‍යාපන සුදුසුකම් මදි වුණා! – නාමල් කුමාර

February 19, 2019 at 10:32 am | by admin

බන්ධනාගාර අලුගෝසු තනතුර සඳහා අයැදුම් කිරීමට තමා සූදානමින් සිටිය නමුත් එම තනතුර සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් තමන්ට නොමැති බැවින් එම අදහස අතහැර දැමීමට සිදුව ඇති බව ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය හෙළි කළ දූෂණ විරෝධී බළකායේ අධ්‍යක්ෂ නාමල් කුමාර පවසයි.

එකී තනතුර සඳහා ඉදිරියේදී බඳවා ගන්නා පුද්ගලයන් එම තනතුර අතහැර ගියහොත් අලුගෝසු තනතුර සඳහා බඳවා ගැනීමට අදාළ අධ්‍යාපන සුදුසුකම් අවම කරන ලෙස තවත් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් එසේ වුවහොත් ඕනෑම අවස්ථාවක තමන් එකී තනතුර සඳහා ඉල්ලුම් කිරීමට සූදානම් බවද ඔහු පවසයි. අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි පුද්ගලයන් එම තනතුර සඳහා ඉල්ලුම් කරන ලෙසට දැන්වීම් පළ කළහොත් තමන් අනිවාර්යයෙන්ම එම තනතුර සඳහා ඉල්ලුම් කරන බව ද ඔහු පැවැසීය.

කෙසේ වුවද කූඨ ලෙස සකස් කළ ප්‍රතිඵල ලේඛන පෙන්වා නාමල් කුමාර ශ්‍රී හමුදාවට දෙවරක් බැඳී පළා ගොස් තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *