අහසින් වැටෙන ජල බිඳෙනුත් උපරිම ප්‍රයෝජන ගන්න සූදානම්! මහ කන්නෙට අහස් දියෙන් වපුරන්න ජනපති උපදෙස්!

September 21, 2020 at 8:06 am | by emanisa.lk

ලබන ඔක්තෝබර් 01 දින සිට මහ කන්නය අහස් දියෙන් ආරම්භ කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වාරිමාර්ග හා මහවැලි නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

දැනට මහවැලි ජලාශවල හා මහා වැව්වල ඇති ජලය ද උපයෝගී කරගෙන අහස් දියෙන් වගා කටයුතු ආරම්භ කරන ලෙසත් එහි දී නියමිත පරිදි වර්ෂාව නොලැබී වගා හානි සිදුවුවහොත් ඊට ගොවි රක්ෂණ මණ්ඩලය යටතේ වගා හානි පියවීමටත් තීරණය කර ඇත.

එමගින් තද වර්ෂාවට පෙර මහ කන්නය වපුරා යල කන්නයට මෙන් ම මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට සහ ගම්මානවල තෙතමනය ආරක්ෂා කර ගැනීමට ද වැව්වල ජලය ආරක්ෂා කරගත හැකිවන බව ජනාධිපතිවරයා නිලධාරීන්ට පෙන්වා දී ඇත.

සාමාන්‍යයෙන් මහා වාරිමාර්ග හා මහවැලි කලාපවල කන්න රැස්වීම ජලාශ ජලයෙන් පිරුණු පසුව පවත්වන අතර පසුව වගාවට ජලය නිකුත් කරයි. එමගින් වගා කටයුතු මෙන්ම කන්නය ද ප්‍රමාද වන අතර අස්වැන්න ද බක්මහේ වර්ෂාවට හසුව විනාශ වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස