අසේල සම්පත් යහපත් සමාජයක් උදෙසා සටන් කරන සුවිශේෂ අරගලකාරයෙක්…! – සජිත් ප්‍රේමදාස

June 28, 2021 at 8:29 pm | by emanisa.lk

ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු අසේල සම්පත්ගේ පුතෙකුට සහ දියණියකට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ‘සත්කාරය’ විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහන යටතේ අද (28) විපක්ෂ නායක කාර්යාලයේ දී පහසුකම් ලබා දුන්නේය.

ඒ අනුව අසේල සම්පත්ගේ පුතුට ලැප්ටොප් පරිගණකයක් සහ දියණියට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්වයක් පිරිනමනු ලැබීය.

අසේල සම්පත් මේ සමාජය යහපත් කිරීම උදෙසා අරගල කරන සුවිශේෂී චරිතයක් බවත් ඔහුගේ මෙහෙවර තමන් අගය කරන බවත් පැවසූ විපක්ෂ නායකයා, අසේල සම්පත්ගේ දරුවන්ගෙන් ඉල්ලා සිටියේ සාර්ථක ලෙස අධ්‍යාපන කටයුතු සිදුකරන ලෙස ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස