අසේල සම්පත්ට මරණ තර්ජන…! බටහිර රටක දේශපාලන රැකවරණ පතයි…! එම්බසියක් ඉදිරිපිට උපවාසයට සූදානම්…!

June 29, 2021 at 8:43 am | by emanisa.lk

ආපනශාලා හිමියන්ගේ සංගමයේ කැඳවුම්කරු බව කියන අසේල සම්පත් බටහිර රටක දේශපාලන රැකවරණ පැතීමට සූදානම් වන බව වාර්තා වෙයි.

තමන්ට විවිධ පාර්ශ්වවලින් මරණ තර්ජන එල්ල වන බවත් පසුගියදා 20 දෙනෙකු පමණ නිවසට කඩා වැදී CID හැඳුනුම්පතක් පෙන්වා පහර දී සුදු වෑන් රියකින් පැහැර ගෙන ගිය බවත් හෙතෙම ඉංග්‍රීසි පුවත්පතකට පවසා තිබේ.

තමන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් නිසා ත්‍රීවිල් සංගමයේ කැඳවුම්කරු මෙන් ම මරා දමනු ඇතැයි බියක් ඇති බවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ අවධානය යොමු කරන බවත් සම්පත් අසේල පවසයි.

තමන්ගේ සහ තම පවුලේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය අසමත් වන්නේ නම් ලබන සතියේ විදෙස් තානාපති කාර්යාලයක් අසල විරෝධතාවක් ආරම්භ කිරීමට සූදානම් බවත් හෙතෙම ප්‍රකාශ කර තිබේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ සඳහන් කළේ අසේල සම්පත් පොදුජනතාව වෙනුවෙන් සටන් කරන සුවිශේෂ චරිතයක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *