අසුරුම් නොකළ පොල්තෙල් විකුණන එකම රට ලංකාවයි….! ඇසුරුම් නොකර පොල්තෙල් විකිණීම සපුරා තහනම් කළ යුතුයි…!

April 17, 2021 at 12:08 am | by emanisa.lk

ඇසුරුම් නොකළ පොල් තෙල් වෙළෙඳපොළට නිකුත් කරන එක ම රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ව්‍යාපාරික ධම්මික පෙරේරා පවසයි.

“පොල් වගා කිරීම පිළිබඳ ආයතන තුනක් තිබෙනවා. ආයතන තුන ම එක ලෙස දායකත්වය දිය යුතුයි. අදහස් තුනක් එක්ක මේ ගමන යන්න බැහැ.

නුවරඑළිය හැර හැම තැනම පොල් හැදෙනවා. ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022ක් තිබෙනවා. හැම කොට්ඨාසයටම කෘෂි නිලධාරියෙක් ඉන්නවා. ඒ අයට පැළ 200ක ඉලක්කයක දුන්නා නම් අවශ්‍ය තරම් ඉඩ තිබෙනවා. පැළ 10ක් අරගෙන මොනවා කරන්න ද? ඵලදාව වැඩි කරන්න කතා කළාට වැඩක් නැහැ,

ආණ්ඩුවට යුතුකමක් තිබෙනවා පුද්ගලික අංශයේ වගාවන් 10ක් හදන්න අක්කර සිය ගණනක විතර. පැළ 64,000ක් පමණයි දෙන්න තිබෙන්නේ. වසර 5කින් වෙළෙඳ දැන්වීම් දායි පැළ විකුණන්න. නිවසටම අරගෙන එයි පැළ. ඒ තත්වයට එනතුරු ඒ ක්ෂේත්‍රය හඳන්න බැහැ.

පොල් තෙල්වලට වඩා ඇයි පාම් ඔයිල් අඩු. පාම් ඔයිල් අක්කරයකින් ටොන් එකක් හදනවා. පොල් අක්කර තුනක් යනවා ටොන් එකකට. පොල් තෙල් වියදම 50%කින් වැඩියි.

ලංකාව පමණයි ඇසුරුම් නොකළ පොල්තෙල් විකුණන්නේ. අවසන් වන ප්‍රමාණයට පාම් ඔයිල් දානවා. ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්න වෙනවා ඒ සම්බන්ධව, ප්‍රමිතියෙන් යුතු පොල් තෙල් ඇසුරුම් කරලා වෙළෙඳපොළට දාන්න. ඉන්දියාවෙත් ඇසුරුම් නොකළ පොල්තෙල් විකුණන්නේ නැහැ.”

ඔහු මේ බව සඳහන් කළේ, පොල් සංවර්ධන හා ව්‍යාප්ති නව්‍යකරණය කිරීම සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය, සංවිධානය කළ සම්මන්ත්‍රණයකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස