අස්වෙන්න බෑ කියා ඇඬූ පොහොට්ටු මන්ත්‍රී කට්ටුව, බැසිල් පිළිගැනීමේ කතාව ඉල්ලා පොරයක….!

July 11, 2021 at 8:27 pm | by emanisa.lk

බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ඉල්ලා අස්වීමට සූදානම් බව සඳහන් කළ බොහෝ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් පක්ෂයෙන් එම ඉල්ලීම කිරීමත් සමඟ අතුරුදන්ව ඇතැයි වාර්තා වෙයි. එක් අයෙකු ඉල්ලා අස්වන්නැයි කී විට හඬා වැටී ඇතැයි ද වාර්තා වෙයි.

මේ ආකාරයට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු බැසිල් වෙනුවෙන් ඉල්ලා අස් නොවී මගහැර ගොස් ඇති අතර ඇති අතර ජයන්ත කැටගොඩ කොන්දේසි විරහිතව බැසිල් වෙනුවෙන් ඉල්ලා අස්වී තිබේ.

කෙසේ වුව ද රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරන පොදුජන පෙරමුණු ජාතික ලැයිස්තු මන්ත්‍රීනියක සහ තවත් මන්ත්‍රීවරු තිදෙනෙකු අවශ්‍ය නම් ඉල්ලා අස්වන බව පක්ෂයට දැනුම් දී තිබේ. එසේ ම පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් ද ඉල්ලා අස්වීමට එකඟතාව පළකර තිබේ.

මේ අතර ඉල්ලා අස්වීම මගහැර ගිය මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි පසු පිළිගැනීමේ කතාව කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දරා ඇති අතර බැසිල් පිළිගැනීමේ අවස්ථාවේ ඉදිරියෙන් ම සිටින්නට ද මේ පිරිස අමතක කර නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *