අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්න….! – අගමැති කාර්යාලයෙන් නිවේදනයක්…

January 3, 2022 at 1:05 pm | by emanisa.lk

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රධාන මාධ්‍ය හා සමාජ ජාලා මාධ්‍යන්හි පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

අද (03) උදෑසන නිවේදනයක් නිකුත් කරමින් මේ බව අවධාරණය කර තිබේ.

රටේ ජනතාව නොමඟ යවන අයුරින් සිදු වන මෙවැනි අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්, රොහාන් වැලිවිට එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

හිරු නාළිකාව ඇතුළු මාධ්‍ය විසින් අගමැතිවරයා ඉල්ලා අස්වන බවට පසුගිය දිනවල ප්‍රචාරය කර තිිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *