අවු. 60ට වැඩි අයට ඇන්ටිජන් කරන්න එපා…! එක් ව්‍යාපාරිකයෝ පොහොසත් කරන වැඩක්…! – ජවිපෙ…

August 22, 2021 at 3:09 pm | by emanisa.lk

මැති ඇමැති වැටුප පරිත්‍යාග කරන බව පවසමින් ශ්‍රීලනිපය සිදුකරන්නේ බොරුවක් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඇමැතිවරයෙකුගේ වැටුප රු. 65, 000ක් බවත් ඊට පසු විශාල දීමනා ප්‍රමාණයක් තිබුණ ද වැටුප මිස දීමනා කිසිවක් පිළිබඳ ඔවුන් කතා නොකරන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික බිමල් රත්නායක පෙන්වා දෙයි.

එසේ නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විශ්‍රාම යාමට ආසන්නයේ කොළඹ මන්දිර දෙකක් එකතු කර තනාගත් මාළිගාව මෙන් ම සියලු ඇමැතිවරුන්ගේ නිල නිවාසත් නැවත රජයට ලබා දිය යුතු බව ඔහු පෙන්වා දෙයි.

එසේ ම ජනාධිපතිවරයා අවු. 60ට වැඩි පිරිස සතිපතා ඇන්ටිජන් පරික්ෂාවට ලක්කිරීමට උපදෙස් දීම ඇන්ටිජන් ව්‍යාපාරිකයින් පොහොසත් කිරීමට ගත් තීන්දුවක් බවත් බිමල් රත්නායක අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *