අවු. 20ක් පරණ ප්‍රශ්නෙක එල්ලී දරුවන්ගෙන් පළිගැනීම වැරදියි…! – ඇමැති සරත් වීරසේකර…

October 15, 2021 at 7:32 am | by emanisa.lk

එළඹෙන 21 වැනිදා සේවයට පැමිණෙන ගුරුවරුන්ට කවුරුන් හෝ තර්ජනය කළහොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධව දැඩි පියවර ගන්නා බව මහජන ආරක්ෂක ඇමැති (විශ්‍රාමික) රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.

ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහරගම තරුණ සේවා සභාවේ ඊයේ (14) පැවැති උත්සව අවස්ථාවකදීය.

ගුරු සේවය යනු ඉතාමත් උතුම් සේවයක් බැවින් ඔවුන්ට නිසි වැටුපක් ලැබිය යුතු බවත් එම නිසා වැටුප් විෂමතා ගැටලුව අනිවාර්යයෙන්ම විසඳිය යුතු බවත් හෙතෙම කීවේය.

කෙසේ වුව ද මෙම වැටුප් ගැටලුව වසර විසි ගණනක් පුරා පවතින එකක් බවත් මෙය යහපාලන ආණ්ඩුව කාලයේ දී කතා නොකළේ ඇයි දැයි ප්‍රශ්න කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය. ගුරුවරුන්ගේ ගැටලුව සාධාරණ වුවත් අසාධාරණ වුවත් ඉන් බැට කන්නේ අහිංසක දරුවන් බවද හෙතෙම කීය.

වසර දෙකක් පුරාවට දරුවන්ට පාසල් අධ්‍යාපනයක් නොමැති අතර ඇතැම් දරුවන් මේ නිසාම විශාල පීඩනයකට යට වී සියදිවි නසා ගන්නා අවස්ථාවන්ද පසුගිය දිනවලදී වාර්තා වූ බව ද අමාත්‍යවරයා පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස