අවුරුදු 4ක් තිස්සේ එජාපය ෆොන්සේකාට නීතිය හා සාමය නොදුන්නේ ඇයි! එජාපය වසර 04ක් තුළ නොකළ දේ ජනපති මාස 04න් කළා- දයාසිරි

May 8, 2019 at 9:06 am | by admin

2015 සිට වසර 04ක් නීතිය හා සාමය ඇමති ධුරය එක්සත් ජාතික පක්ෂය සතුව පැවති සමයේ ආරක්ෂාව සම්බන්ධ අත්දැකීම් බහුලතම එජාප මන්ත්‍රීවරයා යැයි අද කියන හිටපු හමුදාපති සරත් ෆොන්සේකාට නීතිය හා සාමය ඇමති ධුරයට ලබා නොදුන්නේ ඇයි දැයි ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර විමසයි.

අද එම ඇමති ධුරය සරත් ෆොන්සේකාට ලබා දිය යුතු යැයි එජාපය පවසන්නේ ජනාධිපතිවරයා සහ සරත් ෆොන්සේකා අතර ගැටුමක් නිර්මාණය කිරීමට බවට චෝදනා කරන මහ ලේකම්වරයා වැඩි දුරටත් පවසන්නේ ජනාධිපතිවරයා එම ඇමති ධුරය භාරගෙන මාස 04ක් තුළ එජාපයට වසර 04ක් තිස්සේ කළ නොහැකි වූ බොහෝ දේ සිදු කළ බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස