අවුරුදු 04කින් තෙල් මිල ඉහළ යද්දි සතුටු වෙන රටක් හදනවා….! ලංකාවේ තෙල් සහ ගෑස් නිපදවනවා….! – ගම්මන්පිල….

July 8, 2021 at 1:02 pm | by emanisa.lk

ඉදිරි වසර 04ක කාලය ඇතුළත තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාව ද එකතු වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

අද (08) පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

ඉදිරි වසර දෙකහමාර ඇතුළත රටට උවමනා තෙල් තොග රටේ ම පිරපහදු කර ගැනීමේ හැකියාව රටට හිමි වන බවත් එමගින් වසරකට ඩොලර් මිලියන 350ක් රටට ඉතිරි වන බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

තවත් සති දෙකකින් පමණ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන පනත ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවත්, ඉන්පසු ශ්‍රී ලංකාව සතු ඛනිජ තෙල් කැනීම් කටයුතු ආරම්භ කරන බවත් ඇමැති ගම්මන්පිල පවසයි.

ඉන්ධන මිල ඉහළ යන විට ශ්‍රී ලංකාව වැනි රටවල් දුකට පත් වුවද ඛනිජ තෙල් සම්පත හිමි අරාබි රටවල් ඉන් සතුටට පත්වන බව පෙන්වා දෙන ඇමතිවරයා ඉදිරියේ දී ශ්‍රී ලංකාව ද ඉන්ධන මිල ඉහළ යන විට සතුටට පත්වන රටක් බවට පත්කරන බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස