අවුරුදු කන්න රු. 5000 බැගින් පවුල් ලක්ෂ 31කට..!

March 29, 2022 at 9:40 am | by emanisa.lk

උත්සව සමය වෙනුවෙන්, අඩු ආදායම්ලාභී තෝරාගත් පවුල් සඳහා රුපියල් 5,000ක විශේෂ දීමනාවක් ගෙවීමට රජය තීරණය කර ඇත.

එම විශේෂ දීමනාව මාස දෙකක කාලයක් සදහා ලබා දීමට ද ඊයේ (28) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී අනුමැතිය දී තිබේ.

මෙම දීමනාව පවුල් ලක්ෂ තිස් එකකට පමණ ගෙවීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත. කොවිඩ් වසංගත තත්ත්වය උග්‍ර සමයේ ද මෙලෙස ම ජනතාවට රු. 5000 බැගින් වාර තුනක් ලබා දීමට කටයුතු කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *