අවුරුද්දට කලින් නොවැස්සොත් විදුලි කප්පාදු පැය ගණන තවත් ඉහළට! අලුත් අවුරුදු ලබද්දී රටම අඳුරේ ගිලෙන ලකුණු!

March 28, 2019 at 11:30 am | by admin

දෛනික විදුලි ඉල්ලුම දිනෙන් දින ඉහළ යන බැවින් අලුත් අවුරුදු සමයට පෙර වැසි නොලැබුණොත් දෛනික විදුලි කප්පාදුව සිදුවන පැය ගණන තවත් ඉහළ යා හැකි බව වාර්තා වෙයි.

මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම මෙගාවොට් දෙදහස් තුන්සියයකට අධික වන අතර විදුලි ඉල්ලුම ඉහළ ගියද ජල විදුලි නිෂ්පාදනය ක්‍රමයෙන් අඩුවෙමින් තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එස්.පී. ගුණවර්ධන පවසයි.

දිනකට දහවල් පැය 03ක් සහ රාත්‍රීයට පැයක් වශයෙන් විදුලි කප්පාදුවක් දැනට සිදුවන අතර එය අප්‍රේල් 10 වෙනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සිදුවන බව ඇමති රවී කරුණානායක පසුගියදා ප්‍රකාශ කළේය.

මේ අනුව නව අවුරුදු සමයේද පැය කිහිපයක් විදුලිය විසන්ධි කරන තත්ත්වයක් උදාවීමේ අවධානමක් මතුව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස