අවුරුද්දට ආණ්ඩුවෙන් සංචරණ සීමා නෑ….! ජනතාව සංචරණ සීමා දාගන්න ඕන…!

March 17, 2021 at 6:50 am | by emanisa.lk

සිංහල අලුත් අවුරුදු සමයේ රට තුල සංචරණ සීමා පැනවිමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි කැබිනට් සම ප්‍රකාශක වෛද්‍ය රමේෂ් පතිරණ පවසයි.

“රජය කිසිදු තීරණයක් ගෙන නෑ සංචරණ සීමා පනවන්න. නමුත් ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කරමින් නව අවුරුදු කාලසිමාවේ දී හැකි තාක් සංචරණය සීමා කරන්න ඕනේ. සමාජ දුරස්ථභාවය තියා ගන්න ඕනේ.”

මාධ්‍යවේදියකු යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *