අවුරුද්දක් කන්න රටේ හාල් තියෙනවා! බොරුවට කලබල වෙන්න එපා! – ඩඩ්ලි සිරිසේන

March 13, 2020 at 10:09 pm | by emanisa.lk

මේ වන විට රටේ 2021 අප්‍රේල් මාසය තෙක් ප්‍රමාණවත් සහල් තොග පවතින බවත් එහෙයින් ආහාර හිඟයක් පිළිබඳ කිසිදු බියක් ඇති කරගත යුතු නැති බවත් ප්‍රධාන සහල් ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන පවසයි.

රජය සහ පෞද්ගලික ව්‍යාපාරිකයන් එක්ව අවශ්‍ය ප්‍රමාණවලින් අවශ්‍ය තැන්වලට සහල් ලබා දීමට සූදානම් බව ද හෙතෙම පවසයි.

මේ අතර වී අලෙවි මණ්ඩලයේ උප සභාපති දුමින්ද ප්‍රියදර්ශන පවසන්නේ යල කන්නයේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 32ක් පමණ ලැබෙමින් පවතින බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස