අවසර ලද සැනින් ආණ්ඩුව ක්‍රියාත්මකයි! සිසුන් රැගෙන එන්න යානාවක් චීනයට!

January 31, 2020 at 7:41 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ප්‍රථමයෙන් ව්‍යාප්ත වූ චීනයේ වූහාන් නගරයේ සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් විශේෂ යානයක් අද (31) පස්වරුවේ වූහාන් බලා පිටත්ව ගියේය.

අද පස්වරු 3.55ට පමණ ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ එල් 1422 ගුවන් යානය මෙලෙස වූහාන් බලා පිටත්ව ගොස් තිබේ.

ගුවන් යානය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 11.43ට පමණ චීනයේ වූහාන් නගරයේ ටියැංහේ ගුවන්තොටුපලට ළඟා වීමට නියමිතය.

වූහාන් නගරය අයත් හුබෙයි ප්‍රාන්තය තුළ ශ්‍රී ලාංකික සිසුහු 33 දෙනෙක් අධ්‍යාපනය ලබමින් සිටිති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස