අවසන් තප්පරෙත් ජනතා ජීවිත සුරකිමින් ගුවන් විරුවන් ජීවිත පූජා කරයි! ඇසින් දුටු සාක්ෂි මෙන්න!

January 4, 2020 at 11:03 am | by emanisa.lk

හපුතලේ ප්‍රදේශයේ දී ඊයේ (03) කඩා වැටුණු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය අසල නිවෙසක් මතට කඩා වැටෙන්නට යන අවස්ථාවේ එය ජනශූන්‍ය ප්‍රදේශයකට හරවා ජීවිත බේරගත් බව හෙළි වී තිබේ. ඒ එම බිහිසුණු සිද්ධිය ඇසින් දුටු අය ලබා දුන් සාක්ෂි මගිනි.

මේ සිද්ධිය ඇසින් දුටු හසන් රිස්‌මියා පුවත්පතකට මෙසේ සඳහන් කර තිබිණි.

“මට ළමයි හතර දෙනෙක්‌ ඉන්නවා. ඒ අයත් එක්‌ක මිදුලේ අව්ව තපිමින් සිටියා. කවදාවත් නැතිව ගුවන් යානයක්‌ ගොඩක්‌ පාතින් එනවා දැක්‌කා. මම ළමයින්ට පෙන්වන්න කතා කළා. ඒ එක්‌කම ගුවන් යානය අපේ ගේ ඉස්‌සරහ තියෙන ගහක ගෑවුණා. එතකොට ගුවන් යානය ඇතුලේ ඉන්න අය අපිට පෙනුණා.

එයින් එක්‌ අයෙක්‌ අත දාලා එහාට යන්න කියනවා තේරුණා. ඒ එක්‌කම ගුවන් යානය අනෙක්‌ පැත්තට හැරුණා. ඉන් පසු අපේ ගෙදරට ඉස්‌සරහා ගෙදර ගහක වැදිල ලොකු සද්දයක්‌ ආව. ඒ එක්‌කම කළු දුමක්‌ එක්‌ක ගින්දර පිටවුණා. මම ළමයි ටික අරන් ගෙට දිව්වා. අහල පහල කට්‌ටිය ඇවිත් වතුර දාලා නිවන්න උත්සාහ කළා. හරිගියේ නෑ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස