අවශ්‍යතා සඳහා පමණක් පාම් තෙල් ආනයනයට අවසර….!

April 7, 2021 at 3:14 pm | by emanisalk

කර්මාන්ත හා බේකරිවල අවශ්‍යතා සඳහා පාම් ඔයිල් ගෙන්වීමට බලපත්‍ර දෙන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

අද (07) පාර්ලිමේන්තුවේ දී ඇමැතිවරයා මේ බව සඳහන් කළේ ය.

මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකි බව ද ඇමැතිවරයා කියයි.

දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරන බවත් පාම් ත‍ෙල් සඳහා විදේශයට යන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු පැවැසීය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *