අවයව දන්දෙන අයගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහයෙන්!

February 25, 2019 at 8:33 am | by admin

අවයව දන්දීමේ පුණ්‍ය කාර්ය සඳහා දායක වන අයගේ උදාර ක්‍රියාවට උපහාරයක් ලෙස ඔවුන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීම සඳහා සැලසුම් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මේ අතර අවයව දන්දීමේ කැමැත්ත රියදුරු බලපත්‍රයට මෙන්ම ජාතික හැඳුනුම්පතට ද ඇතුළත් කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය කටයුතු කරමින් සිටියි.

හදිසි අනතුරක් මඟින් මොළය මියගිය අවස්ථාවකදී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නටත් දුරකථන අංක 081-2226522 මඟින් මහනුවර මහ රෝහලේ අවයව බද්ධකිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මඟින් මේ සඳහා දායක විය හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස