අලුත් සමීක්ෂණ ප්‍රතිඵල මෙන්න! ගෝඨාට 59%යි! සජිත්ට 18%ක්! කිසිවකුට නොදුන් 10%යි! අනුරට 5%යි! කරූට 3%යි!

August 31, 2019 at 12:05 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන NSBM හරිත විශ්වවිද්‍යාලයේ සිදු කළ සමීක්ෂණයක ප්‍රතිඵල නිකුත් වී තිබේ.

මෙම සමීක්ෂණය සඳහා එම විශ්වවිද්‍යාලයේ වයස අවුරුදු 19-24ත් අතර අහඹු ලෙස තෝරාගත් සිසුන් 900ක් යොදා ගෙන ඇත.

එහි ප්‍රතිඵල අනුව ගෝඨාභය රාජපක්ෂට කැමැත්ත ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය 59%කි. ආණ්ඩුවේ ජනප්‍රියම අපේක්ෂකයා ලෙස සැලකෙන සජිත් ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රතිශතය 17.5%කි. අනුර දිසානායකට කැමැත්ත ප්‍රකාශ කළ ප්‍රතිශතය 4.5%කි. කරූ ජයසූරියට ලැබුණු ඡන්ද ප්‍රමාණය 3%කි.

කිසිවකුට ඡන්දය ප්‍රකාශ නොකළ ප්‍රමාණය 10%ක් වන අතර එය අනුර දිසානායක සහ කරූ ජයසූරිය ලැබූ ඡන්ද ප්‍රතිශතයේ එකතුවට ද වඩා වැඩි වීම විශේෂත්වයකි. එසේම එම ප්‍රතිශතය සජිත් ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රතිශතයෙන් 2/3කට ආසන්නය.

මෙම සමීක්ෂණ ප්‍රතිඵලය රටේ තරුණ පරපුර විශේෂයෙන් උගත් බුද්ධිමත් තරුණයන් එළඹෙන ජනාධිපතිවරණයේ දී ඡන්ද භාවිත කරන ආකාරය පිළිබඳ නියැඳයක් ලෙස ගතහැකිය. මෙවර අලුත් තරුණයන් ලක්ෂ 15ක් පමණ ප්‍රථම වරට සිය ඡන්දය භාවිත කිරීමට සූදානමින් සිටියි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස