අලුත් ව්‍යවස්ථාව පුංචි ඡන්දෙට පසු…. විධායක ජනාධිපති ධුරය අහෝසියි… සමානුපාතික ක්‍රමය දිගයම…!

December 29, 2024 at 9:44 am | by emanisa.lk

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් ගෙන ඒම ඉදිරි පළාත් සභා මැතිවරණය අවසන් වූ පසු සිදුකෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

එහි දී විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවට විධායක බලය පැවරෙන ආකාරයේ ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.

වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය හමාර වූ පසු ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යවස්ථාවට අන්තර්කාලීන විධානයක්ද ඇතුළත් කරනු ඇතැයි සඳහන්ය. ඉන් අනතුරුව ඉදිරියේදී නාමමාත්‍ර ජනාධිපති ධුරයක් ස්ථාපිත කිරීම රජයේ සැලසුමය.

ආසන මට්ටමින් මන්ත්‍රීන් තෝරා ගැනීමට ගියහොත් එය සුළු ජාතික නියෝජනයට බලවත් බාධකයක් බව බැවින් සමානුපාතික නියෝජනය ක්‍රමය එලෙසම පවත්වා ගෙන යෑමට ද යෝජනා වී ඇත.

කෙසේ වෙතත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ජනමත විමසුමකටද ලක් කිරීමට සිදුවනු ඇතැයි නීති අංශ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *