අලුත් කොරෝනා රෝගීන් 10 පුත්තලමෙන්! කොරෝනා ගෙනාවේ ඉන්දුනීසියාවේ ආගමික සමුළුකින්?

March 31, 2020 at 10:33 pm | by emanisa.lk

අද දින (31) අලුතින් වාර්තා වූ කොරෝනා රෝගීන් අතර පසුගියදා හමු වූ කොරෝනා රෝගියා සමග ඉන්දුනීසියාවේ සංචාරය කළ 5 දෙනෙකු සහ ඔවුන්ගේ ඥාතීන් සිටින බව වාර්තා වෙයි.

මේ පිරිස ඉන්දුනීසියාවට ගොස් ඇත්තේ ඉස්ලාම් ආගමික සමුළුවකට සහභාගී වීමටය. මේ සඳහා ලොව පුරා 9000කට අධික මුස්ලිම් පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී ලාංකික පිරිසට කොරෝනා ආසාදනය වී ඇති බවට සැක කෙරේ.

සෙසු 10 දෙනා වන්නේ බේරුවල රෝගියාගේ ඥාතීන් 4 දෙනෙක්, බණ්ඩාරගම රෝගියාගේ ඥාතීන් දෙදෙනෙක්, අකුරණ රෝගියාගේ ඥාතීන් 3දෙනෙක් සහ දෙහිවල සංචාරක මග පෙන්වන්නෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස