අලුත් උප්පැන්නේ සිංහල ජාතියට හිමි තැන අහිමි කරන කුමන්ත්‍රණයක්! – මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි

July 23, 2020 at 9:17 pm | by emanisa.lk

අලුත් උප්පැන්න සහතිකය මගින් මේ රටේ සංස්කෘතිය ශිෂ්ටාචාරය ගොඩනැඟූ සිංහල ජාතියට හිමි තැන අහිමි කරන වැඩපිළිවෙළක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

නව උප්පැන්නයෙහි ජාතිය සහ ජන වර්ගය යනුවෙන් කොටු දෙකක් ඇති බවත් ඉදිරියේ දී ජාතිය යන්නට ශ්‍රී ලංකා කියා ද ජන වර්ගය යන්නට සිංහල, දෙමළ සහ මුස්ලිම් යන්න ද වැටෙනු ඇතැයි එහිමියන් පෙන්වා දෙයි.

ජාතිය සහ ජන වර්ග යනු දෙකක් බව පෙන්වා දෙන උන් වහන්සේ වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ රට ශිෂ්ටාචාරගත කර සංස්කෘතිය ගොඩනැඟූවේ සිංහල ජාතිය බවය. එහෙයින් සිංහලයා ලංකාවේ ජාතිය බවත් සෙසු දෙමළ මුස්ලිම් කොටස් ජන වර්ග බවත් අභයතිස්ස හිමි සඳහන් කරයි.

එමගින් සිදුකර ඇත්තේ සිංහල ජාතිය ජනවර්ගයක් මට්ටමට පහත හෙළා දෙමළ සහ මුස්ලිම් මෙන් ජන වර්ගයක් බවට පත්කිරීම බව උන් වහන්සේ අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස