අලුත් අවුරුදු පැළ සිටුවන නැකත අදයි!

April 15, 2019 at 6:49 am | by admin

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමයේ පැළ සිටුවීමේ නැකත අදට (15) යෙදී තිබේ. තුන් පොකුරු යෝගය යෙදී ඇති පූර්වභාග 11.17ට ස්වේත වර්ණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා මෙම පැළ සිටුවීම සිදුකළ යුතුය.

මෙම අවුරුදු සමයේ සෙසු අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර නිසි ලෙස ඉටු කිරීම අපේ ජීවිතවලට ආශීර්වාදයක් වන අතර අපේ සංස්කෘතිය සුරක්ෂිත වීමට හේතු වෙයි. එසේම සුබ නැකතින් පැළයක් සිටුවීම ඒ සංස්කෘතිය මුල් බැස පවතින රට මතු පරපුර උදෙසා රැක ගැනීමට අපේ වගකීම ඉටු කිරීමක් වෙයි.

කිසිවකුට වනාන්තර විනාශ කරන බවට චෝදනා කිරීමෙන් ඔබ්බට ගොස් අද දවසේ අපේ වගකීම ඉටු කර තැබීම සඳහා සුබ නැකතින් පැලයක් සිටුවා මුළු රටම ඒකාත්මික කිරීමේ හැකියාව මෙමගින් අපට ලැබෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස