අලුත් අවුරුද්දේ සතුට රැකගන්න මේ උපදෙස් පිළිපදින්න…! (video)

April 13, 2019 at 12:44 pm | by admin

සිංහල අලුත් අවුරුදු සමයෙහි මහා මාර්ග අනතුරු, ගෘහස්ථ අනතුරු සහ ගිනිකෙළි අනතුරුවලින් ආරක්ෂා වීමට කටයුතු කරන ලෙස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ජාතික හෙද පුහුණු කිරීමේ නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා අවවාද කරයි.

පසුගිය අවුරුදු සමයේ ගිනිකෙළි අනතුරු වාර්තා වූයේ එකක් බවත් නත්තල් සමයේ අනතුරු වාර්තා නොවූ බවත් සඳහන් කළ පුෂ්පා රම්‍යානිද සොයිසා මෙම තත්ත්වය ඉදිරියට පවත්වාගෙන යාමට ගිනිකෙළි දැල්වීමේ දී ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටියි.

එසේම අධික උණුසුම් කාලගුණ තත්ත්වයක් පවතින නිසා අවුරුදු ක්‍රීිඩාවලට සහභාගී වීමේ දී විජලන තත්ත්වය ඇතුළු විවිධ රෝගාබාධ ඇති විය හැකි නිසා ක්‍රීඩාව අතරතුර අධික වෙහෙසකර තත්ත්වයක් ඇති වුවහොත් වහාම සෙවනට ගොස් විවේක ගන්නා ලෙස ද අවධාරණය කරයි.

මේ අතර පෙර වසරවලට සාපේක්ෂව මෙවර ගිනිකෙළි අලෙවියේ පහත බැසීමක් ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. රතිඤ්ඤා දැල්වීම නිවසේ සුරතල් සතුන්ට විශේෂයෙන් බල්ලාට මහත් කම්පනයක් ඇති කරන නිසා ඒ පිළිබඳ අවධානය යොමු කිරීම ද වැදගත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස