අලුත් අවුරුද්දේ රටටම කුණු සහල් කන්න වෙයි! සත්ව ආහාරයට වෙන් කළ සහල් තොගයක් පිටවෙලා!

April 11, 2019 at 5:14 pm | by admin

ලංකා සතෝස ලේබලය යටතේ මෙරටට ආනයනය කළ සහල් කිලෝ ග්රෑම් ලක්ෂ නවයක තොගයක් අවුරුද්දක් තිස්සේ වරායේ ගොඩගසා තිබී කිලෝව රු. 16.25 ගණනේ වෙන්දේසී කර තිබේ. දීර්ඝ කාලයක් ගබඩා කර තැබීම නිසා නරක් වූ මෙම සහල් තොගය සත්ව ආහාර සඳහා සුදුසු යැයි නිර්දේශ කර මේ ආකාරයට වෙන්දේසී කර තිබේ.

කන්ටේනර් 37ක ගබඩා කර ඇති මෙම සහල් තොගය මිලට ගත් අය විසින් එම සහල් තොගයෙන් කන්ටේනර් 17 අලුත් අවුරුදු සමය ආරම්භ වීමත් සමග පිටතට රැගෙන ගොස් ඇති අතර එම සහල් වෙළෙඳපොළට පැමිණීමේ අවධානමක් ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස