අලී සබ්‍රි බොරුකාරයෙක්…! අඳින ඇඳුමටත් ලැජ්ජයි..! අධිකරණ ඇමැතිකමින් ඉල්ලා අස්වනු…! – ගෙවිඳු….

May 5, 2022 at 7:01 pm | by emanisa.lk

20 වන සංශෝධනය සඳහා සහය ලබා ගැනීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් සම්පූර්ණයෙන් නොමග යැව්වේ මහාචාර්ය ජී.ඇල්. පීරිස් සහ ජනාධිපති නීතීඥ අලී සබ්‍රි බවට ගෙවිඳු කුමාරතුංග චෝදනා කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ මේ වන විට ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරන ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ, ඔවුන් තම උගත්කම් සහ තනතුරු මේ සඳහා අවභාවිත කළ බවයි.

එලෙස කටයුතු කළ අලී සබ්‍රි දැන් නැවත 21 වන සංශෝධනයක් ගෙන ඒමට සූදානම් වන්නේ නම් ඔහු අධිකරණ ඇමැති තනතුරට පවා නොහොබින බවයි, ගෙවිඳු කුමාරතුංග සඳහන් කළේ.

20 වන සංශෝධනයට සිය කැමැත්ත ලබා ගනිද්දි වසරක් ඇතුළත නව ව්‍යවස්ථාවක් ගෙන එන බවට ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අලී සබ්‍රි කිසිවක් නොකළ බවටත් ඔහු එය කොරෙන තැනට කටයුතු කළ බවටත් මන්ත්‍රීවරයා චෝදනා කළේ ය.

නව ව්‍යවස්ථාවක් සහ එක රටක් එක නීතියක් යන ජනතා අපේක්ෂා දෙක ම ඉටු නොකරන තැනට වැඩ කරමින් වර්තමාන ආණ්ඩුව ජනතාවට එපා වන තැනට කටයුතු කළ අලී සබ්‍රි අඳින ඇඳුමට හෝ ගෞරවයක් ඇත්නම් වහා ම අධිකරණ අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය යුතු බවයි, ගෙවිඳු කුමාරතුංග වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

අද (05) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *