අර්බුදය විසඳන්න මහා මැතිවරණයක් පැවැත්විය යුතුයි…! – දිනේෂ්…

May 9, 2022 at 4:02 pm | by emanisa.lk

රටේ අර්බුදය නිශ්චිතව විසඳාගත හැක්කේ මහ මැතිවරණයක් කැඳවීමෙන් පමණක් බව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අතරේ දී මහ ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වි‍සඳීම මෙන්ම ආණ්ඩු ක්‍රමයේ වෙනස්කම් ඇති කිරීම කළ යුතු බවත් මහ ජනතාවගේ අපේක්ෂාව ද එයම බවත් ඔහු සඳහන් කළේය.

අමාත්‍යවරයා මෙසේ පැවසුවේ රටේ ආර්ථික සහ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

නිශ්චිත කාලයකින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමෙන් ස්ථාවර පාර්ලිමේන්තුවක් බිහිකර ගැනීමට හැකියාව ලැබෙන බව ද දිනේෂ් ගුණවර්ධන ප්‍රකාශ කළේය.

ආණ්ඩු ක්‍රමයේ ඇතිවිය යුතු වෙනස්කම් සම්බන්ධයෙන් මහජන එක්සත් පෙරමුණ දැනටමත් යෝජනා ඉදිරිපත් කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පාර්ලිමේන්තුවේ පක්ෂ නායක කමිටුවේ දී ගන්නා තීරණ වහා ක්‍රියාත්මක කරවා ගැනීමද ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තු ක්‍රමයේ පැවැත්ම සහ විශ්වාසය සඳහා ඉතා වැදගත් බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *