අර්බුදයෙන් රට ගොඩගන්න සූදානම්…! අගමැති පන්නලා ආණ්ඩුව අපට භාර දෙන්න…! – අතුරලියේ රතන හිමි….

April 27, 2022 at 6:50 pm | by emanisa.lk

අගමැතිවරයා ඉවත් කර නව සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයා එකඟ වී ඇති බව අතුරලියේ රතන හිමි පවසයි.

ජනාධිපතිවරයාට සහ ඉදිරියේ දී පිහිටු වන සර්ව පාක්ෂික ආණ්ඩුවේ ඇමැති මණ්ඩලයට ඉහළින් ජාතික සභාවක් පිහිටුවිය යුතු බවත් ඊට ජනාධිපතිවරයාත් ඇමැති මණ්ඩලයත් යටත්විය යුතු බවත් එහිමියෝ අවධාරණය කරති.

එම ආණ්ඩුවේ ජනාධිපතිවරයා හමුදාවට අණ දීම වැනි කටයුතු කළ යුතු බවත් රට ගොඩනැඟීමේ වගකීම තමන් වෙත පවරා දිය යුතු බවත් උන් වහන්සේ සඳහන් කරති.

රතන හිමි පවසන්නේ ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලය තිබුණ ද සමාජ බලය ඇත්තේ තමන්ට බව ජනාධිපතිවරයා පිළිගත යුතු බවයි.

රට ඇත්තේ හොරකම් කළ සල්ලිවලින් මන්ත්‍රීවරුන් බිලිබා ගෙන ආණ්ඩුවක් අටවා ගෙන යා හැකි තත්ත්වයක නොවන බවත්
එසේ කළහොත් මහ පාරේ අරගලයට තමන් ද සම්බන්ධ වී ජනතාව මහ පාරට කැඳවීමට සිදුවන බවයි, උන් වහන්සේ පවසන්නේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *