අර්බුදයෙන් ගොඩඑන්න නම් IMF එකට යන්නම ඕන…! නැත්නම් ලබන අවුරුද්දේ බඩගින්නේ මැරෙන්න වෙයි…! – රනිල්….

July 14, 2021 at 3:28 pm | by emanisa.lk

විදේශ විනිමය අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කතා නොකලොත් ලබන වසරේ මැද වන විට රටේ බඩගින්න මෙන්ම විරැකියාව වැඩිවීම වළක්වා ගන්නට නොහැකි වනු ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

වර්තමානයේ පැන නැගී ඇති විදේශ විනිමය අර්බුදය සම්බන්ධයෙන් අද (14) විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍යවරයා මෙි බව සඳහන් කළේය.

මූල්‍ය අරමුදලෙන් පිනට ලැබුණ ඩොලර් කෝටි 80 ක මුදල අර්බුදයෙන් මිදීමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බව රනිල් වික්‍රමසිංහ අවධාරණය කරයි.

මහ බැංකුව සහ භාණ්ඩාගාරය ක්‍රියා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යටත්ව හෙයින් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමට තමා ක්‍රියා කරන බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *