අර්ජුන ජය ගනී! ලංගම සභාපති ගෙදර යයි!

February 26, 2019 at 2:56 pm | by admin

ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සමග ඇති වූ ගැටුමක් නිසා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.

නව අමාත්‍යවරයා විසින් නියමිත පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංගම සේවකයන් පිරිසකට උසස් වීම් ලබා දීමට එරෙහි වීමේ සිද්ධියක් මේ සඳහා හේතු වී තිබේ.

රමාල් සිරිවර්ධන මෑත කාලයේ ශ්‍රීලංගමය නඟා සිටුවීම සඳහා විශාල සේවයක් කළ බව බොහෝ වෘත්තීය සමිතිවල අදහසය. ඒ නිසාම වෘත්තීය සමිති සභාපතිවරයාගේ ඉල්ලා අස්වීමට දැඩි ලෙස එරෙහි වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *