අර්ජුන් මහේන්ද්‍රන්ට රතු වරෙන්තු නෑ! ජනපති කියන්නේ පට්ටපල් බොරු!

March 7, 2019 at 8:15 am | by admin

මහ බැංකු බැඳුම්කර සිදුවීමට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලීසිය හරහා රතු වරෙන්තු නිකුත් කර ඇති බව ජනාධිපති සිරිසේන සඳහන් කර ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.

අද (06) පෙරවරුවේදී දෙස්, විදෙස් මාධ්‍යවේදීන් සමග පැවැති හමුවකදී මේ බව සඳහන් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් තමන් සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර ඇති බව ද ජනපතිවරයා සඳහන් කරයි.

එහෙත් ජාත්‍යන්තර පොලිස් වෙබ් අඩවිය පිරික්සීමේදී එවැන්නක් සොයා ගැනීමටවත් නොමැත. මේ වන විට ශ්‍රීලංකාවට අත්‍යවශ්‍ය රතු වරෙන්තු නිකුත් කර ඇති වරෙන්තුකරුවන් ඇත්තේ සිව් දෙනෙකි. ඒ අතර අර්ජුන් මහේන්ද්‍රන් නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස