අරලියගහ මැදුර කොල්ලකති…! වීඩියෝ කැමරා ලැප්ටොප් අතුරුදන්..! ලියකියවිලි විනාශ කරයි..!

July 12, 2022 at 12:21 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයේ මාධ්‍ය අංශයේ තිබූ උපකරණ සොරාගෙන ගොස් ඇතැයි අග්‍රමාත්‍ය මාධ්‍ය ඒකකය කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මාධ්‍ය අංශයේ තිබූ ලැප්ටොප් දෙකක් වීඩියෝ කැමරාවක් හා තවත් කැමරා උපකරණ මෙලෙස සොරාගෙන ගොස් ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු අරලියගහ මන්දිරයේ පදිංචියට නොගිය අතර අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයේ කොටසක් පමණක් අරලියගහ මන්දිර පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලක ස්ථාපිත කෙරිණි.

ඉකුත් නව වැනි දා අරගලකරුවන් අරලියගහ මන්දිරයට ඇතුළත් වීමෙන් පසුව මෙම උපකරණ නැති වී ඇතැයි අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

අරලියගහ මන්දිරයේ බිත්ති අතර ගුල් හාරා ඇතැයි ද දොර අගුළු කඩා දමා ලියකියවිලි විනාශ කර ඇතැයි ද අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *