අරලියගහ මැදුර ඉදිරිපිට අට්ටාල ගලවා විසි කරයි…! විරෝධතාකරුවන් ගාලු පාරට වැටෙයි..!

May 1, 2022 at 9:39 am | by emanisa.lk

අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාකරුවන් පොලිසිය විසින් ඉවත් කර තිබේ.

දින පහක් පුරා අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස විරෝධතා පැවැත්වූ විරෝධතාකරුව අද (01) අලුයම පහට පමණ පොලිසිය විසින් ඉවත් කර ඇත.

ඔවුන් රැඳි සිටී අට්ටාල ද පොලිසිය විසින් ඉවත් කර ඇති අතර එහිදී උණුසුම් තත්ත්වයක් ද ඇති වී තිබේ.

එම ස්ථානයේ සිටි විරෝධතාකරුවන් ගාලු පාර කොළඹ දෙසට ගමන් කරන මංතීරුවේ බිම වාඩි වී විරෝධතාවෙහි යෙදී සිටිති

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *