අරලියගහ මන්දිරේ පිරිත ආයුධයක් කරගෙන අවභාවිත කරලා…! – අගලකඩ හිමි..

April 30, 2022 at 3:21 pm | by emanisa.lk

අරලියගහ මන්දිරයේ පිරිත් සජ්ඣායනයක් වාදනය කරවීම පිළිබඳ මහාචාර්ය පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ දැඩි විරෝධය පළ කළහ.‍

කොළඹදී පැවැති සර්ව ආගමික නායකයින්ගේ මාධ්‍ය හමුවක දී උන් වහන්සේ ප්‍රකාශ කළේ, මෙය පිරිත් අවභාවිත කිරීමක් බව ය.

“අරලිය ගහ මන්දිරය ඉදිරිපිට විශාල පිරිසක් ඒකරාශී වෙලා කඳවුරු බැඳගෙන ඉන්නවා අගමැතිවරයාට ගෙදර යන්න කියල. ඔවුන්ට බාධා කරන්න අද පාර දිගේ දෙපැත්තෙ පේව්මන්ට්වල බස් නවත්තලා, ඒ වගේ ම පිරිත අවභාවිතයට පත් කරලා තියෙනවා.

ඒක විශේෂයෙන් අපි සඳහන් කරන්න නේ. මෙතෙක් කාලයක් අරලියගහ මන්දිරයෙන් කොළඹට නෑසුණු පිරිත්, දැන් විශේෂයෙන් පිරිත බාධාවක් බවට පත් කරලා අප්‍රසන්න කරලා ඒක ආයුධයක් බවට පත් කරලා තියෙන එක ගැන මහා සංඝ රත්නයේ විරෝධය ජාතිය ඉදිරියේ තබන්නට බලාපොරොත්තු වෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *