අරගලේ රැට්ටා ඇතුළු 7ක් රිමාන්ඩ්…!

June 22, 2022 at 8:09 pm | by emanisa.lk

පොලීසිය විසින් අද (22) අත්අඩංගුවට ගත් ළහිරු වීරසේකර, රතිඳු සේනාරත්න නොහොත් රැට්ටා ඇතුළු පුද්ගලයින් 7 දෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සැකකරුවන් ජුලි 01 වනදා දක්වා එලෙස රිමාන්ඩ් භාරයට පත්කිරීමට නියෝග කළේය.

ජුනි 9 වනදා සහ 10 වනදා කොටුව සහ තලංගම ප්‍රදේශයේ දී පැවැත්වූ විරෝධතා අතරතුර ඇති වූ සිද්ධි සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *