රනිල් ආවෙත් ලෙනින් ආව විදිහටමයි…! – ආචාර්ය නිර්මාල්…

September 22, 2022 at 10:20 am | by emanisa.lk

ගාලු මුවදොර අරගලය සම්භාව්‍ය රුසියානු සහ ප්‍රංශ විප්ලවයටත් වඩා සංකීර්ණ විප්ලවයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

ආචාර්ය දේවසිරි පෙන්වා දෙන්නේ, රුසියානු සාර් ආණ්ඩුව පෙරළා දැමීම නිසා මතු වූ රික්තය ප්‍රයෝජනයට ගනිමින් ව්ලැඩිමීර් ලෙනින් ප්‍රමුඛ බෝල්ෂෙවික්වරුන් බලය අල්ලා ගත් ආකාරයට ම ලංකාවේ රනිල් වික්‍රමසිංහ බලයට පත් වූ බවයි.

සාර් ආණ්ඩුව පෙරළනෙ විට ලෙනින් වාසය කළේ ස්විස්සර්ලන්තයේ බවත් ඔහුට පෙරළා සිය රටට පැමිණීමට අවස්ථාව ලබා දුන්නේ එකල රුසියාව සමග යුද්ධයක පැටලී සිටි ජර්මනිය බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජර්මන් ආණ්ඩුව ලෙනින් රුසියාවට යැවීමෙන් බලාපොරොත්තු වූයේ අභ්‍යන්තර ගැටුම් නිර්මාණය කිරීම වන අරත එම අර්ථයෙන් බැලූ විට රුසියානු විප්ලවය යනු ජර්මන් කුමන්ත්‍රණයක් යැයි කිව හැකි බව ද ආචාර්ය දේවසිරි සඳහන් කරයි.

කොළඹ දී පොත් දොරට වැඩීමේ උත්සව අවස්ථාවකට එකතු වෙමින් ආචාර්ය නිර්මාල් දේවසිරි මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *