නැවත වතාවක් ජන අරගලයක් ඇති කිරීම සඳහා කටයුතු කරන බව හිටපු අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු, ජන අරගල සන්ධානයේ නියෝජිත වසන්ත මුදලිගේ පවසයි.
මර්දනකාරී පාලනයට එරෙහිව මතවාදීමය වශයෙන් ජනතාව දැනුම්වත් කිරීම සඳහා තමන් කටයුතු කරන බවත් අවශ්‍ය අවස්ථාවල දී ඒ වෙනුවෙන් අරගල කරමින් ඒ සඳහා අවශ්‍ය නායකත්වය ලබා දෙන බවත් හෙතෙම අවධාරණය කරයි.
තමන් ‘එනවා, නානවා, යනවා’ නොව ඇවිත් ගහලත් යන බවයි, ඔහු සඳහන් කළේ.
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් වසන්ත මුදලිගේ මේ බව ප්‍රකාශ කර තිබේ.