අරගලයට සහය දුන් සුදු තරුණියගේ වීසා කැන්සල්…! වහාම රටින් පිටුවහල් වන්නැයි නියෝග…!

August 11, 2022 at 9:36 am | by emanisa.lk

ගාලු මුවදොර අරගලයට සහයෝගය දැක්වූ බවට චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ විසා අවලංගු කිරිමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම මස 15 වැනිදාට පෙර ශ්‍රී ලංකාවෙන් පිටව යන ලෙස ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව ඇයට දැනුම් දී තිබේ.
ඇය වෛද්‍ය හේතූන් මත ලබාගත් වීසා හරහා ශ්‍රී ලංකාවේ රැඳී සිටින බව ද ආගමන විගමන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගාලු මුවදොර අරගලයේ සිද්ධීන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ බවට ඇයට මීට පෙර චෝදනා එල්ල වූවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *